Skip to main content
shooting

 

නැගෙනහිර ප්‍රංශයේ  Strasbourg  නගරයේ  නත්තල් වෙළෙඳපොළක් අසලදී ඊයේ රාත්‍රිය ඇති වූ වෙඩි තැබීමකින් තුන්දෙනෙකු මියගොස්  අවම වශයෙන් පුද්ගලයන්  12 දෙනෙකුට තුවාල සිදු වී ඇතයි අභ්‍යන්තර  කටයුතු පිලිබඳ අමාත්‍ය Christophe Castane තහවුරු කරයි . ඉන් හය  දෙනෙකුගේ තත්වය බරපතල බව පැවසේ.

 

වෙඩි තැබීම සිදුකල  තුවක්කුකරු කුලීරථයක්  පැහැරගෙන පලාගොස් ඇති අතර ඔහු 29 හැවිරිදි Cherif Chekatt නමැති අයෙකු බව පොලිසිය අදුනාගෙන  ඇත .  ආරක්ෂක නිලධාරීන් 350 ක් ඇතුළු පිරිසක්  තුවක්කුකරු සොයා පරීක්ෂණ පවත්වමින් සිටි .

Strasbourg නගරය පැරිසියේ සිට කිලෝමීටර 490 නැගෙනහිරට , ජර්මානු සීමාවට ආසන්නයේ පිහිටි නගරයකි 

නත්තල් වෙළද පොලට එකවරම පැමිණි පුද්ගලයෙකු ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු BFM රුපවාහිනී නාලිකාවට පැවසීය.

 

g.jpg

 

P1_0.jpg

 

P5.jpg

 

P6.jpg

 

P7.jpg

 

P8.jpg

 

P9.jpg

 

P11.jpeg

(ඝාතනය සිදුකල බවට සැක කරන Cherif Chekatt)

(Photo Source APF)

(සංජීව බටුවත්ත/Srilankan Online Editorial -FRANCE )