Skip to main content
courts

 

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොණු කර ඇති මූලික අයිතිවාසිම් පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකශය ට  පත්කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්  තීරණය  
වැරදි බවත් පාර්ලිමේන්තුවේ 2/3 ක් බලයක් නොමැතිව වසර 4 යි මාස  6 ට කලින් පාර්ලිමේන්තුව විසිර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත .
 
එම පෙත්සම් විභාගය අගවිනිසුරු නලින් පෙරේරා  ප්‍රමුඛ සත් පුද්ගලය විනිසුරු මඩුල්ලක් හමුවේදී පසුගිය 4,5,6,7 යන දිනවලදී විභාගයට ගැනිණි.ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණ