Skip to main content
Cricket

'Between 22 Yards' 

එංගලන්ත ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරගය සියල්ල සූදානම්. 
දවස් දෙක තුනක්ම මේ සුන්දර ඇඩිලේඩ් නුවර හිටියෙ. මම ඉස්සර ඉදන්ම මේ නගරයට ගොඩක් කැමතියි. Player කෙනෙක් විදියටත් umpire කෙනෙක් විදියටත් මේ ඇඩිලේඩ් Ground එක මගේ ප්‍රියතම තැනක්.

 

1_0.jpg

අද ඇඩිලේඩ් ශ්‍රී ලාංකික ප්‍රජාව ⁣ටෙස්ට් තරග 50 විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සලකල මට උපහාර දක්වන්න පුංචි උත්සවයක් සංවිධාන ය කරල තිබ්බා.

3.jpg

4.jpg

මේ තරගාවලිය ඉතාම තරගකාරී එකක්. මේ වගේ තරගකාරී කණ්ඩායම් තරග වදිනකොට ක්‍රීඩාව හැමපත්තකින්ම ඉදිරියට යනවා . ජය පරාජය කොහොම උනත් අවසාන පන්දුව වෙනකම්. අවසාන මොහොත වෙනකම් තරගයේ ජවය පවත්වාගෙන යෑම ඉතාම වැදගත් .විශේෂයෙන් පාසල් ක්‍රීඩකයන්ට මේක හොඳට ධාරණය කරගන්න ඕන . ජය පරාජයට වඩා ජවයකින් තරගයේ රදීසිටීම ඉතාම වැදගත් ...

අපේ ශ්‍රී ලංකා කණ්ඩායමත් අද හොද ජයක් ලබා තිබීම සතුටක් . එක දිගට තරග දෙකක් ජයගැනීම අපේ කණ්ඩායමේ මනසිකත්වට හොඳ තත්වයක් .
.හතුරු හොද වැඩක් කරාවි ....කිසිම වෙලාවක කිසිම දෙයකින් එක දවසින් අශ්චර්යන් බලාපොරොත්තු වෙන්න බෑ . විශේෂයෙන්ම ප්‍රේක්ෂකයෝ ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්. අපේ රටේ ප්‍රේක්ෂකයෝ අපිට පුදුම ආදරයක් තියෙන්නේ ... අපි 96 ලෝක කුසලානේ දිනලා ආපු දවසේ ලැබුන ආදරය අවුරුදු 22 ගිහිල්ලත් තාම ඒ විදියට තියනවා . එක දිගට තරග පරදිනකොට දුකක් ඇති උනත් ලෝකේ හොදම ප්‍රේක්ෂකයෝ ඉන්නේ අපේ රටේ කියල මට හිතෙනවා .

අපි පහුගිය සතියේ ICC ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ජා වටයක් මෙල්බෝර්න් වලදී තිබුන .ලෝකයේ ක්‍රිකට් පිලිබඳ තීරණ ගන්න මේ සාකච්ජාවට මට එකතු වන්න අවස්ථාව ලැබීම ලොකු සතුටක් .. බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් ද මේ පාර මාත් එක්ක මේ කණ්ඩායමට එකතු උනා , අපේ කුමාර් සංගක්කාර කලින් ඉදන්ම මේ කණ්ඩායමේ හිටිය . මේ ලස්සන ක්‍රීඩාව ඉදිරියේදී තවත් හොඳ කරන්න අපි ගොඩක් දේවල් කතා කලා .

23.jpg

26904503_163980751045576_4587988665789395146_n.jpg

පහුගිය දවස් ගෙවුනේ මේ විදියට තමා.ඉතින් ඉදිරියේදී srilankans-online .com වෙබ් පිටුවෙන් මගේ අත්දැකීම් ඔබ සමග බෙදාගන්න මම බලාපොරොත්තුවන් ඉන්නවා.සැමදෙනාටම සුබ සතියක් .....
මම කුමාර්

25.01.2018

 

 


 

Standard (Image)