Skip to main content
ff

 

The Sri Lankan community in UK, mourn alongside the British the loss of 7248 lives which include 12 Sri Lankans. Among they are, our own Mr Anura Gallage. We the community take this opportunity to forward our condolences to Mr Gallege’s family.      

 

XXXXXX.jpg

 

 

Every death has a sad story and using that as a media stunt is cheap, unethical and poor judgement. Most importantly it brings disrepute to 60000 odd Sri Lankans who serve the NHS in the UK.

We publish this to put the record straight. Please be respectful and stand in solidarity with the healthcare workers who do their best. Please do not use social media to be heroes. NHS has clear guidelines protocols for each call, each action they take to save lives. The misleading information was shared with Hiru Gossips and Colombo Express and we even got calls from Sri Lanka from some who were confused. We publish the thoughts shared by our own veteran Journalist Anoma Watalladeniya who kindly let us share the extract below.

 

amona.jpg

 

 

මේ වන විට එංගලන්තයේ ජිවත්වන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදිනි අනෝමා වත්තලාදෙනිය මහත්මිය විසින් ඇ‌ගේ Facebook පිටුවේ පලකරන ලද ගාල්ලගේ මහත්මිය විසින් පැවසූ විස්තරය පහතින් දක්වමු. ඇයගේ අවසරය මත එය මෙසේ අප උපුටා ගෙන පළකරන්නෙමු.

 

"

ලන්ඩනයේ දී අභාවප්‍රාප්ත වූ මා හිතවත් අනුර ගාල්ලගේ මහතාගේ මරණය සම්බන්ධව එතුමාගේ ආ‌දරණීය බිරිඳ විසින් අද දින මට පැවසූ විස්තරය සැකෙවින් ඇ‌ගේ පූර්ණ අවසරය ඇ‌තිව පල කරමි.

ඉතාමත්ම යහපත් ජීවිතයක් ගතකල ගාල්ලගේ මහතා වෙනුවෙනුත්, ඉතාමත්ම ගෙෳරවනීයව, ආ‌දරණීයව ජීවත්වූ අඹු සැමියන් යුවලක් වෙනුවෙනුත්, මේ අතිශය භයානක සමයේ අත්‍යවශ්‍ය සේවයේ නිරතවන බ්‍රිතාන්‍යයේ NHS සෙෳඛ්‍යය සේවය වෙනුවෙනුත් ගාල්ලගේ මහත්මිය පැවසු විස්තරයේ ජනගත විය යුතු දෑ මෙසේ ලියමි.

අනුර ගාල්ලගේ මහතා මියගියේ අප්‍රේල් හය වෙනි දින උදෑසන 7.30ට පමණය.

ඊට පෙර දින රාත්‍රියේ දෙපල එක්වී පැය එක හමාරකට ආ‌සන්න කාලයක් බුදුන් වැඳ පිරිත් සඡ්ඡායන කර ඇ‌ත.

එදිනම සවස් වරුවේ ඔහු ලංකාවේ සිටින නෑදෑයින් සමඟ skype හරහා දීර්ඝ ධර්ම සාකාච්ජාවකද නිරත වී ඇ‌ත.

මේ වනවිට ගාල්ලගේ මහතාට කොරෝනා රෝගය වැළඳී එය සුවවෙමින් තිබී ඇ‌තත් NHS සේවය උපදෙස් දී ඇ‌ත්තේ ශ්වසන අපහසුතාවයක් ඇ‌තොත් වහාම ඔවුන් අමතන ලෙසයි.

පසුදින ඔහුගේ තත්වය දුටු බිරිඳ 999 NHS සේවය ඇ‌මතූ අතර ගිලන් රථයක් විනාඩි පහක් ඇ‌තුලත නිවසට පැමිණ සියලු ප්‍රතිකාර ක්ෂණිකව ලබා දී ඇ‌ත. නමුත් සියල්ල නිෂ්ඵල විය.

ඒ‌ අනුව අනුර ගාල්ලගේ මහතා මියගියේ අප්‍රේල් හය වෙනි දින උදෑසන, ගාල්ලගේ මහත්මිය සහ NHS සේවයේ සෙෳඛ්‍ය වෘත්තිකයින් ඉදිරියේ උතුරු ලන්ඩනයේ ඔවුන්ගේ නිවසේදීය.

මේ මරණය සිදුවූ ආ‌කාරය සම්බන්ධයෙන් මීට පටහැනි කතාවක් ගාල්ලගේ මහත්මියගේ හෝ ඒ‌ දරුවන්ගේ අනුදැනුමකින්, අවසරයකින්, විමසීමකින් තොරව Facebook හරහා සංසරණය විය.

පසුව එය WhatsApp හරහාද ලොව පුරා සංසරණය විය.

මෙය වාර්තා කල ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආ‌යතන අතරින් ස්වර්ණවාහිනී ආ‌යතනය පමණක් ගාල්ලගේ මහතාගේ පුත්‍රයාගෙන් සත්‍ය කරුණු විමසූවද අනෙක් මාධ්‍ය මේ පුවත ජනගත කර ඇ‌ත්තේ Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සාවද්‍ය විස්තරය පාදක කරගෙනය.

එම සාවද්‍ය විස්තරය අනෙක් ගොසිප් වෙබ් අඩවි වලත් පලවූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ගාල්ලගේ මහතාගේ පුතනුවන් එය සාවද්‍ය යැයි පවසා comment කලද ඒ‌ විස්තර ඒ‌ ආ‌කාරයෙන්ම තවමත් ඇ‌ත.

මා මෙය මෙසේ සටහන් කලෙ තමන්ගේ පටු සිල්ලර අරමුණූ උදෙසා සාවද්‍ය තොරතුරු වගකීම් රහිතව ජනගත කිරීම නිසා ඉතාමත්ම ගෙෳරවනීය හා ආ‌දරණීය පවුලක් අද, තම දයාබර සැමියාගේ/පියාගේ වියෝවෙන් අසීමිත ශෝකයටත්, අපහසුතාවයටත් පත්වී ඇ‌ති නිසයි. එසේම 60,000කට වඩා කොරෝනා රෝගීන් වෙනුවෙන් ජීවිත පරදුවට තබා දිවා රෑ NHS හි සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ හෙදියන් ඇ‌තුලු සියලුදෙනා වෙනුවෙනි.

Facebook ගිණුමක සටහනක් තැබීමට ඇ‌තැමෙකුට අකුරු දැනුම සහ ජාතිවාදය මූලික කරගත් වෛරී සිතුවිලි පමණක් ප්‍රමාණවත් බවත් සංවේදිතාවය, ප්‍රඥාව අවශ්‍ය නොවන බවත් ඒ‌ සාවද්‍ය සටහනින් පසක් වේ.
නමුත් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආ‌යතනයන් සිද්ධි වාර්තාකරනයේදී ඊට වඩා වගකීමෙන් ක්‍රියා කල යුතුයි; හුදෙක් Facebook ගිණුමක් පාදක කරගැනීම "ලිඳ ලඟ සංගමයෙන්" තොරතුරු ගත්තා වැනිය.
මා සේවය නොකල ආ‌යතනයක් වුවත් මේ සිද්ධිය වාර්තාකරනයේදී නිසි අචාර ධර්ම පිලිපැදීම ගැන ස්වර්ණවාහිනියට මගේ ගෙෳරවය පුද කරමි.

"

අනෝමා වත්තලාදෙනිය

Recommended